01

E   |     |  

 දිනය: 2017-05-05   පිළිතුර ලබා දී ඇත 

1543/2017: උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් හානි සිදු වූ නිවාස : විස්තර

1543/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ නිවාසවලට දැඩි හානි සිදුවී ඇති බව දන්නේද;

            (ii)      නිවාස හානි වූ පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) නිවාස හානි වූ පුද්ගලයන්ගේ නිවාස අලුත්වැඩියා කර දීමට හෝ නැවත ඉදිකර දීමට පියවර ගන්නේද;

(iv) එසේ නම්, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-05

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙහි ප්‍රධාන උමඟ කැණීමේදී අනපේක්ෂිතව සිදු වූ ජල කාන්දුව හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උමං මාර්ගයේ ජල කාන්දුව සිදු වූ කොටස්වලට ආසන්නව පිහිටි සමහර ප්‍රදේශයන්හි නිවාසවල ඉරිතැළීම් සිදු විය. එලෙස ඉරි තැළීම් සිදු වූ ඒවායින් නිවාස 39කට දැඩි හානි සිදු වී ඇති බව වාර්තා වී ඇත.

(ii) එලෙස නිවාස හානි වූ පුද්ගලයන්ගෙන් මේ වන විට වන්දි ගෙවූ අයවලුන්ගේ නම් හා ලිපිනයන් ඇමුණුම 1* ලෙසද, හානි වූ එහෙත් තත්ත්ව වාර්තා පිළියෙල කරමින් පවතින නිවාස හිමියන්ගේ නම් හා ලිපිනයන් ඇමුණුම 2* ලෙසද ඉදිරිපත් කරමි.

(iii) නිවාස හානි වූ පුද්ගලයන්ගෙන් නිවාස අලුත්වැඩියා කර ගැනීම පිණිස තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව අනුව වන්දි ගෙවනු ලබන අතර, දැඩි ලෙස හානි වූ නිවාස සඳහා ඒවා නැවත ඉදිකර ගැනීම පිණිස ප්‍රතිස්ථාපන පිරිවැය ගෙවනු ලැබේ.

(iv) ඉහත (අ) (ii) අනුව, නිවාස හානි වූ වන්දිලාභින්ගේ විස්තර ඇමුණුම 1*හි ඇතුළත් වේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks