පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1513/’17
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014, 2015 සහ 2016 වර්ෂවලදී ශ්‍රී ලංකාවේදී මියගිය විදේශිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම විදේශිකයන් මියයෑමට බලපෑ හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-08
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
මිය ගිය විදේශිකයන් සංඛ්‍යාව |
|
2014 |
49 |
|
2015 |
81 |
|
2016 |
87 |
(ii) සියදිවි නසා ගැනීම - ගෙල වැළලාගෙන, වස පානය කිරීම.
ස්වාභාවික මරණ - හෘදයාබාධ, අධික රුධිර පීඩනය, නහර පිපිරීම.
රෝගී තත්ත්ව - නිව්මෝනියාව, පිළිකා, අපස්මාරය, ආමාශගත රෝග, දියවැඩියාව, අක්මාව ආශ්‍රිත රෝග, ඇදුම රෝගය, විෂ ශරීරගත වීම, වකුගඩු අක්‍රිය වීම, ලියුකේමියාව.
හදිසි අනතුරු - විදුලි සැර වැදීම, සතුන් පහර දීම, පිහි ඇනුම්, වෙඩි වැදීම, දියේ ගිලීම, වැටීමෙන් සිදු වූ තුවාල, ලේ ගැලීමෙන් සිදු වූ කම්පන, දුම්රිය අනතුරු, වාහන අනතුරු
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-09-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks