E   |     |  

 දිනය: 2017-07-06   පිළිතුර ලබා දී ඇත 

1503/2017: මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්: විස්තර

1503/’17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකාවේ ළමා ජනගහනයෙන් මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම සංඛ්‍යාව නිගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

(iii) ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව ළමා ජනගහනයෙන් කවර ප්‍රතිශතයක්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත අ (i) හි සඳහන් දරුවන් සංඛ්‍යාව, සමාජයේ එක් එක් ආදායම් මට්ටම් අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) පහසුවෙන් රෝගවලට භාජනය වීම හේතුවෙන් මියයන බවට වාර්තා වී ඇති මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-06

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් කොටස් තුනකි. එම දොටස් තුනට අදාළව තොරුතුරු පහත පරිදි වේ.

 

මන්දපෝෂණ තත්ත්වය

ළමුන් සංඛ්‍යාව

අඩු බර තත්ත්වය (වයසට නිසි බර නොමැති දරුවන්)

243066

මිටි තත්ත්වය (වයසට නිසි දිග/උස නොමැති දරුවන්)

143955

කෘෂ බව (දිග/උසට සරිලන බර නොමැති දරුවන්)

177267

              (ii)      සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ප්‍රජා විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණය මඟින් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය විසින් සෑම වර්ෂයකදීම පවත්වනු ලබන පෝෂණ මාස සමීක්ෂණය මඟිනි.

(iii)     

                  මන්ද පෝෂණ තත්ත්වය

ප්‍රතිශතය

අඩුබර තත්ත්වය (වයසට නිසි බර නොමැති දරුවන්)

15.6%

මිටි තත්ත්වය (වයසට නිසි දිග/උස නොමැති දරුවන්)    

9.2%

කෘෂ බව (දිග/උසට සරිලන බර නොමැති දරුවන්)

11.3%

 

(ආ) (i) ආදායම් මට්ටම අනුව වෙන් වෙන් වශයෙන් තොරතුරු එක්රැස් කිරීමක් සිදු නොවේ.

(ii) වර්තමානයේ ඍජුව මන්ද පෝෂණය හේතුවෙන් ළමුන් මිය යෑමක් සිදු නොවේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් රැස් කරනු ලබන තොරතුරු තුළ මන්ද පෝෂණ තත්ත්වය වක්‍රාකාර ලෙස බලපෑම් හේතුවෙන් සිදුවන ළමා මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නොවේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-07-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks