පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1481/’16
ගරු විදුර වික්‍රමනායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන කළුතර දිස්ත්‍රික්කයේ, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බප/මතු/නවාන ප්‍රාථමික විදුහල නාය යාමේ අවදානම සහිත ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවත්;
(ii) නවාන ප්‍රදේශයට දින තුනක් නොකඩවා වර්ෂාව පැවතියහොත්, පාසල වසා එම දිනයන් සඳහා නිවාඩු දිනයන්හිදී පන්ති පවත්වන ලෙස මතුගම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් දන්වා ඇති බවත්;
(iii) ගමනාගමන දුෂ්කරතා සහ ආර්ථික අපහසුකම් නිසා දෙමාපියන්ට තම දරුවන් වෙනත් පාසල්වලට රැගෙන යාමට හැකියාවක් නොමැති බැවින් අනතුරුදායක තත්ත්වය යටතේ පවා එම විදුහලේම අධ්‍යාපනය ලබා දීමට සිදු වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) දින තුනක වර්ෂාපතනය එක් දිනකදී පතිත වුවහොත්, එම පාසලේ පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් ඇති නොවන්නේද;
(ii) මෙම අනතුරුදායක තත්ත්වයෙන් පාසල් දරුවන් මුදාගැනීම සඳහා එම ප්‍රදේශයේ වෙනත් සුදුසු ස්ථානයක නවාන ප්‍රාථමික විදුහල ස්ථාපනය කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-06
අසන ලද්දේ
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
මෙම පාසලේ දැනට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 37දෙනෙකු අධ්‍යාපනය ලබයි. නාය යෑමේ අවදානම පවතින බෑවුමට පහළින් පිහිටි බප/මතු/නවාන ප්‍රාථමික විදුහල ආසන්න තැනිතලා භූමියක ස්ථාවරව පිහිටා තිබුණද, ඉහළ බෑවුමේ නාය යෑමක් සිදු වුවහොත් එහි සුන්බුන් ගලා යෑම සිදුවිය හැකි මාර්ගය ඔස්සේ පිහිටා ඇති හෙයින් නවාන ප්‍රාථමික විදුහල අවදානම් තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය විසින් හඳුනා ගෙන ඇත.
(ii) අධික වැසි සහිත කාලගුණික තත්ත්වයන්හිදී සිසුන් ඉවත් කර ගන්නා ලෙස හා මේ සඳහා සුදුසු පරිදි වෙනත් දිනවල පාසල පවත්වන ලෙසත්, මතුගම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් විදුහල්පතිට ලිඛිතව දන්වා යවා ඇත.
(iii) ඔව්.
2015 වර්ෂයේදී බටහේන ඛේමානන්දාරාම විහාරස්ථානය වෙත මෙම පාසලේ පන්ති ගෙන ගොස් පැවැත්වුවද, එම තත්ත්වයට දෙමව්පියන්ගේ විරෝධතාව ඇති වූ නිසාත්, දෙමව්පියන්ගේ ඉල්ලීම මත එම සිසුන් නැවත පාසල් භූමියේ පිහිටි ගොඩනැඟිලිවලට ගෙන ගොස් ඉගැන්වීමේ කටයුතු දැනට සිදු කරනු ලබයි.
(ආ) (i) එම ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබුණහොත් අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බැවින් අධික වැසි සහිත කාලගුණික තත්ත්වයන්හිදී සිසුන් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසට මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් විදුහල්පති දැනුවත් කර ඇත.
(ii) ඔව්.
ආපදා කළමනාකරණ වාර්තාව පදනම් කරගෙන පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් විසින් මෙම පාසල වෙනත් ස්ථානයකට ගෙනයාමට භූමියක් හඳුනාගෙන ඇති අතර, එම භූමිය පවරා ගැනීමේ මූලික කටයුතු සිදු කරමින් පවතී. එම භූමිය පවරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks