01

E   |     |  

 දිනය: 2018-04-06   පිළිතුර ලබා දී ඇත 

1429/2018: Proposals 158- Budget 2016

1429/’16

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 අයවැය යෝජනා අංක158 ට අනුව, තේ මිශ්‍ර කිරීම සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;

            (ii)       උක්ත අයවැය යෝජනාවට අනුව, 2016 වර්ෂය තුළදී මිශ්‍ර කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආනයන කළ තේ ප්‍රමාණය, මිල සහ ආනයනකරුවන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(iii) වර්ෂ 1977 සිට 2016 දක්වා ශ්‍රී ලංකාවට තේ ආනයන කරන ලද ප්‍රධාන තේ ආනයනකරුවන් දස දෙනාගේ නම් එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-06

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks