01

E   |     |  

 දිනය: 2018-02-20   පිළිතුර ලබා දී ඇත 

1427/2018: Proposals 203- Budget 2016

1427/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 අයවැයෙහි අංක 203 යෝජනාවට අනුව, 2016 වර්ෂය තුළදී ලිහිසි තෙල් වෙළෙඳපොළ විවෘත කරනු ලැබුවේද;

             (ii)       ඒ අනුව, ලිහිසි තෙල් වෙළෙඳපොළට පිවිසි නව සැපයුම්කරුවන් කවුරුන්ද;

(iii) වර්ෂ 2009 සිට 2016 දක්වා ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් සැපයුම් සමාගම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තා කළ ශුද්ධ ලාභය, එක් එක් සමාගම සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පැවැති ලිහිසි තෙල් ඒකාධිකාරය බිඳ හෙළීම සඳහා එදා සිට අද දක්වා රජයන් විසින් අනුගමනය කළ උපායමාර්ගික ක්‍රම කවරේද;

(v) වර්ෂ 2003 සිට මේ දක්වා ඉන්දියානු ඔයිල් සමාගම අලෙවි කළ ලිහිසි තෙල් ප්‍රමාණය සහ එම අයිතමය අලෙවිය තුළින් පමණක් ලැබූ වාර්ෂික ලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-02-20

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks