01

E   |     |  

 දිනය: 2018-04-03   පිළිතුර ලබා දී ඇත 

1419/2018: Proposals 195- Budget 2016

1419/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2016 අයවැයෙහි අංක 195 යෝජනාවට අනුව, සෘජු විදේශ ආයෝජන දිරි ගැන්වීමේ අරමුණින් “සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය” නම් වූ සංවිධානයක් පිහිටවනු ලැබුවේද;

(ii) එසේ නම්, එහි සංයුතිය හා වගකීම් ව්‍යුහය කවරේද;

(iii) 1977 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදේශ ආයෝජන, ආයෝජකයන් ලබාගත් ණය ද ඇතුළත් සෘජු විදේශ ආයෝජන සහ ණය රහිතව ලැබුණු සෘජු විදේශ ආයෝජන එක් එක් වර්ෂය අනුව දැක්වෙන ලේඛනයක්  ඉදිරිපත් කරන්නේද;

(iv) 2009 යුධ ගැටුම් නිමවීමෙන් පසු ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන වර්ධනය වූ අයුරු දැක්වෙන දත්ත හා ප්‍රස්ථාර සටහනක් සහ ප්‍රමුඛතා අනුපිළිවෙළට අනුව සෘජු විදේශ ආයෝජන රටට ගලා ආ ප්‍රධාන රටවල් පහ කවරේද;

 

(v) 2015 සහ 2016 වර්ෂයන්හිදී සාපේක්ෂව සෘජු විදේශ අයෝජන පහත වැටීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-03

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks