01

E   |     |  

 දිනය: 2017-03-10   පිළිතුර ලබා දී ඇත 

1399/2017: ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ වැඩසටහන : නිම කළ ව්‍යාපෘති

1399/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 අයවැයෙහි අංක 171 යෝජනාවට අනුව, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ වැඩසටහන සඳහා, එක් ගමකට රුපියල් මිලියන 1.5 දක්වා, වෙන් කර දුන්, රුපියල් මිලියන 21,000ක ප්‍රතිපාදනය 2016 වර්ෂය තුළදී බෙදා දුන් ගම්මාන සහ එම එක් එක් ගම්මානයෙහි නිමකළ ව්‍යාපෘති පිළිබඳ සවිස්තරාත්මක ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

 

 

(ii) එකී ග්‍රාමසේවක වසම් 14022හි උක්ත අයවැය යෝජනාව ක්‍රියාත්මක කළ බලධාරි ආයතන සහ එම බලධාරින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 2016 වසර තුළදී ලබාගෙන ඇති මුදල් ප්‍රමාණයන් දැක්වෙන ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(iii) උක්ත අයවැය යෝජනාවට අනුව, එක් ගමකට රුපියල් මිලියන 1.5 බැගින් වූ මූල්‍ය ප්‍රතිපාදන ලබා නොගත් හෝ ඉන් කොටසක් පමණක් ලබා ගත් ග්‍රාම නිලධාරි කොට්ඨාස ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-10

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා මෙම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ නිම කරන ලද ව්‍යාපෘති පිළිබඳ සවිස්තරාත්මක ලැයිස්තුවක් ඇමුණුම 1 වශයෙන් ඉදිරිපත් කර ඇත. 

              (ii)       ඉහත අංක 1හි දැක්වෙන ව්‍යාපෘති ලැයිස්තුවෙහි අදාළ තොරතුරු දක්වා ඇත.

             (iii)       ප්‍රතිපාදන ලබා ගත් ග්‍රාම නිලධාරි වසම් පිළිබඳව විස්තර ඉහත (අ) (1)හි ඇතුළත් අතර, ප්‍රතිපාදන නොලැබූ මහනගර සභා බල ප්‍රදේශවලට අයත් ග්‍රාම නිලධාරි වසම්වල විස්තර ඇමුණුම 2 වශයෙන් මේ සමඟ ඉදිරිපත් කර ඇත. ඇමුණුම් 1 සහ 2 සභාගත* කරමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks