පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1379/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැයෙහි අංක 134 යෝජනාවට අනුව, සමෘද්ධිලාභීන්ට බෙදා හැරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 44,000 ක් මිලදී ගත්තේද;
(ii) එසේ නම්, ඒ කවර මිල ගණන් යටතේ කවර පාර්ශවයන්ගෙන්ද;
(iii) උක්ත යෝජනාව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දරනු ලැබූ මුළු වියදම කොපමණද;
(iv) සහල් මෙට්‍රික් ටොන් 44,000 සමෘද්ධිලාභීන් අතර බෙදා හරිනු ලැබූ අනුපාතය කවරේද;
(v) සහල් බෙදා හරිනු ලැබූ කාල පරිච්ඡේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-24
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2016 අය වැයෙහි අංක 134 යෝජනාවට අනුව සමෘද්ධිලාභින්ට බෙදා හැරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සහල් මිලදී ගැනීමක් සිදු කර නොමැත.
(ii) ඉහත (i) පිළිතුර අනුව අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-05-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks