01

E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1270/2017: දේශපාලන පළිගැනීම්වලට ලක්වූ ගුරුවරුන්: මොණරාගල දිස්ත්‍රික්කය

1270/’16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2015 ජනවාරි 08 වැනි දිනට පෙර මොණරාගල දිස්ත්‍රික්කයේ එක් එක් කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ ගුරුවරුන් සිටියේද;

            (ii)      එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

(iii) ඉහත (i) හි සඳහන් පුද්ගලයන්ට පළිගැනීම්වලට අදාළ නිර්දේශයන් නිකුත් කර තිබේද;

(iv) එම ලේඛනයේ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        දේශපාලන පළිගැනීම් පිළිබඳව කලාප මට්ටමින් පරීක්ෂණ පවත්වා නොමැත. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් හා පළාත් අමාත්‍යාංශ ලේකම් විසින් දේශපාලන පළිගැනීම් සහන නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට, අදාළ කලාප වෙත ලිඛිතව දන්වා යවා ඇත.

එම නිර්දේශයන් අතර ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද සිටී.

                        එම ලේඛනය ඇමුණුම ලෙස ඉදිරිපත් කරමි. ඇමුණුම සභාගත* කරමි.

              (ii)      49කි.

 

කලාපය

ගුරුවරුන් සංඛ්‍යාව

විදුහල්පතිවරුන් සංඛ්‍යාව

එකතුව

01.

වැල්ලවාය

10

06

16

02.

බිබිල

15

-

15

03.

මොණරාගල

12

02

14

04.

තණමල්විල

02

02

04

 

 

39

10

49

(iii)                   ඔව්.

             (iv)        ඔව්.

           ඇමුණුමෙහි දක්වා ඇත.

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks