01

E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1268/2017: ජාතික සහ පළාත් පාසල් ගුරුවරුන් : මොනරාගල දිස්ත්‍රික්කය

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      මොණරාගල දිස්ත්‍රික්කයේ;

              (i)      ජාතික පාසල්වල සේවය කරන සමස්ත ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

             (ii)      පළාත් සභාවට අයත් පාසල්වල සේවය කරන සමස්ත ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

(iii) පාසල්වල දැනට ඉගෙනුම ලබන සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

(iv) එක් එක් විෂයයන් සඳහා සිටින ගුරුවරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

   (v) ඉහත (iv) අනුව එක් එක් විෂයයන් සඳහා එක් එක් පාසලෙහි පවතින ගුරු හිඟය වෙන් වෙන් වශයෙන් කොපමණද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ) (i) 699කි.

(ii) 5,209කි.

(iii) ජාතික පාසල් - 09 ශිෂ්‍ය සංඛ්‍යාව - 16,935

පළාත් පාසල් - 285 ශිෂ්‍ය සංඛ්‍යාව - 85,587

එකතුව - 102,522

(එක්ලක්ෂ දෙදහස් පන්සිය විසිදෙකකි)

(iv) ඇමුණුම 01 බලන්න. එහි මුළු එකතුව තිබෙනවා, 5908ක්.

(v) ඇමුණුම 02 බලන්න. (ඇමුණුම් සභාගත* කරමි.)

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks