01

E   |     |  

 දිනය: 2017-05-24   පිළිතුර ලබා දී ඇත 

1258/2017: ත්‍රස්තවාදි ප්‍රහාර නිසා මිය ගිය පොලිස් නිලධාරින්: කිලිනොච්චිය දිස්ත්‍රික්කය

1258/’16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      1983 වර්ෂය වනවිට කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබූ පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම පොලිස් ස්ථානයන්හි සේවය කරන ලද පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(iii) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1983න් පසුව 2009 වර්ෂයේ යුද්ධය අවසන් වනතෙක් වූ කාලය තුළ විනාශ කරන ලද පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iv) ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(v) ඉහත (iii) හි සඳහන් විනාශ වූ දේපළ පිළිබඳ තක්සේරුවක් කර තිබේද;

(vi) ඉහත සියල්ලෙහිම පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-24

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)          (i)         පොලිස් ස්ථාන - 02

              (ii)       අදාළ ලේඛන සොයා ගැනීමට නොහැකි බැවින් සේවය කළ නිලධාරින් කොපමණද යන්න තොරතුරු සොයා ගත නොහැක.

             (iii)         පොලිස් ස්ථාන - 02

             (iv)        ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව අනාවරණය කර ගැනීමට අදාළ ලේඛන කිසිවක් නොමැත.

     (v)   විනාශ වූ දේපොළ පිළිබඳව තක්සේරු කර ඇද්ද යන්න අනාවරණය කර ගැනීමට ලේඛන කිසිවක් නොමැත.

      (vi)   නැත.

(ආ) අදාළ වකවානුවට අයත් ලේඛන නොමැති වීම හේතුවෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැක.

 

පිළිතුරු දුන් දිනය

2017-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks