පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1255/’16
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1983 වර්ෂය වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබූ පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම පොලිස් ස්ථානයන්හි සේවය කරන ලද පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(iii) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1983න් පසුව, 2009 වර්ෂයේ යුද්ධය අවසන් වනතෙක් වූ කාලය තුළ විනාශ කරන ලද පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iv) ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(v) ඉහත (iii) හි සඳහන් විනාශ වූ දේපළ පිළිබඳ තක්සේරුවක් කර තිබේද;
(vi) ඉහත සියල්ලෙහිම පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-23
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පොලිස් ස්ථාන - 10
(ii) 1983 වර්ෂයේ වාන්ඇළ පොලිස් ස්ථානයේ නිලධාරින් 77 දෙනෙකු සේවය කර ඇත. 1983 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා කාල සීමාව තුළ අනෙකුත් පොලිස් ස්ථාන තුළ වූ අදාළ ලේඛන විනාශ වීම හා 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනය හේතුවෙන් පොලිස් ස්ථාන කිහිපයක ලිපි ලේඛන විනාශ වීම සිදුව ඇති බැවින්, සමස්ත නිලධාරින් සංඛ්‍යාව ඉදිරිපත් කළ නොහැක.
(iii) පොලිස් ස්ථාන - 01
(iv) පොලිස් නිලධාරින් 81 දෙනෙකු මිය ගොස් ඇත.
(v) 1983 වර්ෂයේ සිට 2004 කාලය තුළ පොලිස් ස්ථාන කිහිපයක ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් හා සුනාමි ව්‍යසනයෙන් ලිපි ලේඛන විනාශ වීම මත නිශ්චිත වාර්තාවක් ඉදිරිපත් කළ නොහැක.
(vi) නැත.
(ආ) විමසා ඇති කාල සීමාවන් සම්බන්ධයෙන් එනම් 1983 සිට 2009 දක්වා පොලිස් ස්ථාන සතුව තිබී ඇති ලේඛන විනාශ වීම හා පොලිස් ස්ථාන කිහිපයක් සුනාමි ව්‍යසනයට ලක් වීම හේතුවෙන් ලිපි ලේඛන විනාශ වීම යන හේතුන් මත පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැක.
පිළිතුරු දුන් දිනය
2017-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාගල රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks