01

E   |     |  

 දිනය: 2017-12-07   පිළිතුර ලබා දී ඇත 

1233/2017: Archaeological places in Mulaitivu district - allocated funds 2015/2016, Destroyed by LTTE

1233/’16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ස්ථාන අතරින් දැනට සංරක්ෂණ කටයුතු සිදුකරනු ලබන ස්ථාන කවරේද;

(iii) ඒ සඳහා 2015 හා 2016 වර්ෂවලදී වෙන් කරන ලද මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන කවරේද;

(v) එම විනාශයන් පිළිබඳව තක්සේරුවක් කර ඇත්නම්, තක්සේරු වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vi) එම විනාශයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේද;

(vii) ඉහත සියල්ලෙහිම පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-07

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks