01

E   |     |  

 දිනය: 2017-08-10   පිළිතුර ලබා දී ඇත 

1196/2017: විදුලිය ලබාදී ඇති නිවාස: යාපනය දිස්ත්‍රික්කය

1196/’16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      1983 වර්ෂය වනවිට යාපනය දිස්ත්‍රික්කය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය ලබා දී ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද;

            (ii)      මේ වනවිට විදුලිය ලබා දී ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද;

(iii) වර්ෂ 1984 සිට 2009 දක්වා විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව කොපමණද;

(iv) 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂය දක්වා විදුලිය ලබා දී ඇති නිවාස සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;

(v) ඉහත (iv) හි සඳහන් කාල පරිච්ඡේදය සඳහා විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව කොපමණද;

යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-10

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1983 දක්වා තොරතුරුවලට අදාළ වාර්තා ලංකා විදුලිබල මණ්ඩලය සතුව නැහැ. මොකද, යාපනය දිස්ත්‍රික්කයේ තිබුණු යුදමය තත්ත්වය නිසා ඒවා විනාශ වී තිබෙනවා.

              (ii)      2015 වර්ෂයේ නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කරන ලද "රටම එළියයි අඳුර දුරලයි - ජාතික විදුලි සත්කාරය" ණය යෝජනා ක්‍රමය යටතේ 2016 වසර තුළ විදුලි සම්බන්ධතා ලබා දුන් නිවාස ඒකක 8,121 ද ඇතුළුව 2016.01.01 සිට 2017.05.31 දක්වා නිවාස 15,926ක් සඳහා නව සම්බන්ධතා ලබා දී තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි.

ඒ අනුව 2017 මැයි 31 දිනට ලබා දී ඇති විදුලි සම්බන්ධතා ප්‍රමාණය 155,884ක් වෙනවා.

(iii) 1984 වර්ෂයේ සිට 2009 දක්වා යාපනය දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම් සඳහා වෙන් කරන ලද මුදල් පහත සඳහන් වේ.

වර්ෂය

වෙන් කරන ලද මුදල  (රු.මිලියන)

1984

නැත

1985

නැත

1986

නැත

1987

නැත

1988

නැත

1989

13.80

1990

15.02

1991

4.68

1992

0.04

1993

නැත

1994

නැත

1995

නැත

1996

0.48

1997

නැත

1998

නැත

1999

නැත

2000

නැත

2001

නැත

2002

117.22

2003

59.11

2004

43.62

2005

73.55

2006

61.19

2007

11.33

2008

189.73

2009

90.67

  

එම ප්‍රමාණය සමස්තය වශයෙන් කියනවා නම් රුපියල් මිලියන 680.44ක් වෙනවා.

(iv) 2009 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා විදුලි සැපයුම් ලබා දුන් නිවාස සංඛ්‍යාව පහත පරිදි වේ.

වර්ෂය

අදාළ වර්ෂය තුළ දී ලබා දුන් නව සබඳතා සංඛ්‍යාව

වර්ෂය අවසාන වනවිට විදුලිය පරිභෝජනය කරනු ලබන සම්පූර්ණ නිවාස සංඛ්‍යාව

2009.01.01 - 2009.12.31

6,721

79,718

2010.01.01 - 2010.12.31

9,423

89,141

2011.01.01 - 2011.12.31

9,423

98,564

2012.01.01 - 2012.12.31

11,478

110,042

2013.01.01 - 2013.12.31

11,038

121,080

2014.01.01 - 2014.12.31

10,409

131,489

2015.01.01 - 2015.12.31

8,469

139,958


(v) 2009 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා විදුලි සැපයුම් සඳහා වෙන් කරන ලද මුදල පහත පරිදි වේ.

වර්ෂය

වෙන් කරන ලද මුදල (රු.මිලියන)

2009

90.67

2010

120.00

2011

352.43

2012

427.52

2013

166.77

2014

72.62

2015

411.97

සම්පූර්ණ එකතුව රුපියල් මිලියන 1,641.98යි.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2017-08-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks