පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) පසුගිය රජය යටතේ ආරම්භ කරන ලද මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2014 වර්ෂය අවසන් වනවිට නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැය කර තිබූ මුදල කොපමණද;
(ii) මෙම ව්‍යාපෘතිය සඳහා පසුගිය රජය සමයේ විදේශ ආධාර හරහා වෙන් කළ මුදලින් ඒ වනවිට ලැබී තිබූ ප්‍රමාණය කොපමණද;
(iii) යහපාලන රජය බලයට පත් වී මාස 20ක පමණ කාලයක් ගත වී ඇතත්, එම කාලය තුළ මෙම ව්‍යාපෘතියේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු වී නැති බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් වන මහනුවර වැනි නගරයක, නගර සංවර්ධන ව්‍යාපෘතියක් අත්හිටුවීමට අමාත්‍යාංශය කටයුතු කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-24
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) රුපියල් මිලියන 235.54
(ii) ඩොලර් මිලියන 94 (උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය සඳහා)
මෙම ව්‍යාපෘති කාලය 2014 ජූලි 01 දින සිට 2019 දෙසැම්බර් 31 දින දක්වා වන අතර ලෝක බැංකු විදේශ ණය ආධාර අනුමත කළ දිනය 2014 ඔක්තෝබර් 16 වේ. මහනුවර නගර සංවර්ධනය සඳහා යෙදවීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 94කි.
(iii) නැත.
(ආ) මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවා නැත. නව රජයෙන් මෙම අමාත්‍යාංශය යටතේ මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2017-05-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks