01

E   |     |  

 දිනය: 2017-01-27   පිළිතුර ලබා දී ඇත 

1030/2017: Security Clearance Certificate for the newly recruited public servants

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රාජ්‍ය සේවයට අළුතින් පත්වන  නිලධාරින්ගේ පත්වීම් ස්ථිර කිරීමට පෙර පත්වීම් බලධාරියා විසින් ආරක්ෂක නිශ්කාෂණ වාර්තාවක් ලබා ගන්නා බවත්;

             (ii)       පත්වීම්ලාභියා හා යම් විරෝධයක් තිබෙන කවරෙකු හෝ විසින් ඔහු එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට උපකාර කර ඇති බව දැනුම් දෙනු ලැබූවහොත්  ආරක්ෂක අංශවල අනුමතිය ප්‍රතික්ෂේප වන බවත්;

(iii) මේ හේතුවෙන් අදාළ පත්වීම් අවසන් කෙරෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ අවසන් කර ඇති පත්වීම් නැවත ලබාදීමට කටයුතු කරන්නේද;

(ii) යහපාලනය තුළ, පත්වීම් වෙනුවෙන් ආරක්ෂක නිශ්කාෂණ වාර්තා ලබා ගැනීම අහෝසි කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-01-27

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks