01

E   |     |  

 දිනය: 2016-12-07   පිළිතුර ලබා දී ඇත 

1028/2016: Compensation for the Public Servants who lost their jobs due Language Policy

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හේතුවෙන් 1980 වසරට පෙර රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වූ බවත්;

             (ii)       ඊට සහන සැලසීමේ අරමුණින් 1991.08.23 වැනි දින අංක 37/91 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත්කරන ලද බවත්;

(iii) එවකට රටේ පැවැති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් බොහෝ පිරිසකට එහි අපේක්ෂිත අරමුණ ඉටුකරගත නොහැකි වූ බවත්;

(iv) පීඩාවට පත් පුද්ගලයන් සිය ගණනක් කිසිදු සහනයක් නොලබා සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) උක්ත චක්‍රලේඛය වඩාත් නම්‍යශීලී ආකාරයෙන් නිකුත් කරන්නේද;

(ii) පීඩාවටපත් රාජ්‍ය සේවකයන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙත සහන සැලසීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-07

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks