01

E   |     |  

 දිනය: 2017-03-10   පිළිතුර ලබා දී ඇත 

0858/2017: වනාන්තර භූමි ප්‍රමාණය ඉහළ නැංවීම : ක්‍රියා මාර්ග

858/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකාවේ වනාන්තර භූමි ප්‍රමාණය ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේද;

             (ii)      එසේ නම්, එම වනාන්තර කවරේද;

           (iii)      ඉහළ නැංවීමට අපේක්ෂිත හෙක්ටයාර ප්‍රමාණය, එක් එක් වනාන්තරය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) නව වන වගා ඇති කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා ප්‍රදේශ තෝරාගෙන තිබේද;

(iii) එම ප්‍රදේශ කවරේද;

(iv) නව වන වගා ඇති කිරීමට අපේක්ෂිත හෙක්ටයාර් ප්‍රමාණය එක් එක් ප්‍රදේශය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      දැනට පවතින වනාන්තරවලට පරිබාහිරව, එහෙත් විවිධ හේතූන් නිසා පරිහානියට පත් වී ඇති වනාන්තර නොවන භූමි ප්‍රදේශ තුළ, වන භූමි ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා කටයුතු කරනු ලැබේ. දිවයිනේ සෑම ප්‍රදේශයකම විවිධ දිස්ත්‍රික්කවල පිහිටි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ                       පවතින භූමි ප්‍රදේශ මේ සඳහා හඳුනාගෙන ඇත.

(iii) ඉහත " (අ)‍ ii " හි විස්තර කර ඇති පරිදි ඉහළ නැංවීමට අපේක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 60,524 කි. එය දිස්ත්‍රික්ක අනුව පහත පරිදි වේ.

 

 

දිස්ත්‍රික්කය

සුදුසු භූමි ප්‍රමාණය (හෙක්ටෙයාර)

අනුරාධපුරය

                2,165.00

අම්පාර

                6,624.00

මඩකලපුව

                2,524.00

කිලිනොච්චිය

                1,110.00

කෑගල්ල

                   244.00

කුරූණෑගල

                1,173.00

නුවරඑළිය

                   125.00

මොණරාගල

                2,908.00

කළුතර

                    60.00

පොළොන්නරුව

               2,428.00

බදුල්ල

                  954.00

මන්නාරම

               1,679.00

මාතර

                  255.00

වවුනියාව

                  785.00

පුත්තලම

               3,249.00

හම්බන්තොට

                  170.00

මුලතිව්

               1,033.00

මහනුවර

                    63.00

ත්‍රිකුණාමලය

                  854.00

සත්ත්ව වාසස්ථාන ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම - අම්පාර, මඩකලපුව, පොළොන්නරුව දිස්ත්‍රික්කවල භූමි ප්‍රමාණයන් මේ සඳහා යොදා ගැනේ.

             32,100.00

ඉහළ නැංවීමට අපේක්ෂිත මුළු භූමි ප්‍රමාණය

               60524.00

(ආ) (i) ඔව්.

(ii) ඔව්.

(iii) අනුරාධපුරය, අම්පාර, මඩකලපුව, කිලිනොච්චිය, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, මොණරාගල, කළුතර, පොළොන්නරුව, බදුල්ල, මන්නාරම, මාතර, වවුනියාව, පුත්තලම, හම්බන්තොට, මුලතිව්, මහනුවර, හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රදේශ නව වන වගා ඇති කිරීම සඳහා තෝරාගෙන තිබේ.

(iv) එය දිස්ත්‍රික්ක අනුව පහත පරිදි වේ. මෙම භූමි ප්‍රමාණය (අ) iii හි දක්වා ඇති භූමි ප්‍රමාණයටද ඇතුළත් වේ.

 

 

දිස්ත්‍රික්කය

සුදුසු භූමි ප්‍රමාණය (හෙක්ටෙයාර)

අනුරාධපුරය

                1,183.00

අම්පාර

                5,639.00

මඩකලපුව

                2,245.00

කිලිනොච්චිය

                   160.00

කෑගල්ල

                   224.00

කුරූණෑගල

                   145.00

නුවරඑළිය

                     78.00

මොණරාගල

                1,125.00

කළුතර

                           -

පොළොන්නරුව

                1,258.00

බදුල්ල

                   341.00

මන්නාරම

                1,200.00

මාතර

                      2.00

වවුනියාව

                  275.00

පුත්තලම

                1,149.00

හම්බන්තොට

                    35.00

මුලතිව්

                  508.00

මහනුවර

                    48.00

ත්‍රිකුණාමලය

                  267.00

දැනට එකතුව

             15,882.00

 

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks