01

E   |     |  

 දිනය: 2018-02-20   පිළිතුර ලබා දී ඇත 

0857/2018: Land Acquired for Nilwala Project

857/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       නිල්වලා යෝජනා ක්‍රමයේ, පළමු හා දෙවන අදියර ක්‍රියාත්මක වූ ප්‍රදේශයන්හි ඉඩම් එම ව්‍යාපෘතියට පවරා ගත් බවත්;

             (ii)       එම පවරා ගැනීමෙන් පසු ඒ සඳහා නියමිත ක්‍රමවේදය යටතේ පත්ඉරු සකසා නොමැති බවත්;

(iii) එහෙයින් ව්‍යාපෘතියට අයත් ඉඩම් වෙනත් පාර්ශ්ව විසින් අත්කර ගනිමින් පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) නිල්වලා යෝජනා ක්‍රමයට පවරාගත් ගොඩ හා මඩ ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ඉඩම්වලින් නියමානුකූලව පත්ඉරු සකසා අවසන් ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) නිල්වලා යෝජනා ක්‍රමයට අයත් ඉඩම් පිළිබඳ නැවත ගණනය කිරීමක් සිදු කරන්නේද;

(iv) එ‍සේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ඉඩම් අවභාවිතාව පිළිබඳ පැමිණිලි ලැබී තිබේද;

(ii) එසේ නම්,  ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(iii) එම පැමිණිලි සඳහා ගත් ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-02-20

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks