01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0839/2017: Intercity Express Trains : Sleeping Berths and restaurants substandard

839/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඇතැම් නගරාන්තර දුරගමන් සේවා සීඝ‍්‍රගාමී දුම්රියවල නිදන මැදිරි ජරාජීර්ණ වී ඇති බවත්;

            (ii)       ඇතැම් දුම්රියවල ආපනශාලා පහසුකම් නොමැති බවත්;

           (iii)       පවතින ආපනශාලා විධිමත් නොවන බවත්;

(iv) දුම්රිය ආපනශාලාවල ප‍්‍රමිතියෙන් බාල ආහාරපාන අධික මිල ගණන්වලට  විකුණනු ලබන බවත්;

(v) ඉහත සඳහන් කරුණු හේතුකොට ගෙන දුම්රිය මගීන් අපහසුතාවයට පත්වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) උක්ත දුම්රියවල පහසුකම් ඉහළ නැංවීමට ගනු ලබන පියවර කවරේද;

(ii) ඒ සඳහා වැයවන මුදල ඇස්තමේන්තුගත කර තිබේද;

(iii) එසේ නම්, එම මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-09

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks