01

E   |     |  

 දිනය: 2017-12-06   පිළිතුර ලබා දී ඇත 

0690/2017: Rattan Industry

690/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වේවැල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ජීවිකාව කරගත් පිරිස මේ වනවිට එම කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බවත්;

             (ii)       අමුද්‍රව්‍ය හා වෙළඳපොළ පිළිබඳ ගැටලු පවතින බවත්;

(iii) මෙම කර්මාන්තය මඟින් රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකි බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) වේවැල් නිෂ්පාදන අපනයනය කරන්නේද;

(ii) එසේ නම්, 2015 වර්ෂය තුළ ලබාගත් ආදායම කොපමණද;

(iii) එකී නිෂ්පාදන අපනයනය නොකරන්නේ නම්, අපනයනය කිරීම සඳහා කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, ඒ කවර දිනයක සිටද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) රට තුළ වේවැල් කර්මාන්තයට අවශ්‍ය වෙළඳපොළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks