01

E   |     |  

 දිනය: 2017-11-30   පිළිතුර ලබා දී ඇත 

0688/2017: Sponsorship of Beer companies for annual school Big Matches

688/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ජනප්‍රිය පාසල් අතර පවත්වන වාර්ෂික මහා ක්‍රිකට් තරඟ සඳහා බියර් සමාගම් අනුග්‍රහය දක්වන බවත්;

             (ii)       එම තරඟ පැවැත්වෙන අතරතුර බියර් සමාගම් තම ප්‍රචාරක කටයුතු සිදු කරන බවත්;

(iii) මේ හරහා පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹෙන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) පාසල් අතර පවත්වනු ලබන වාර්ෂික මහා ක්‍රිකට් තරඟ සඳහා අනුග්‍රාහකයන් සොයා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද හා නිර්ණායක අමාත්‍යාංශය විසින් නිර්දේශ කර තිබේද;

(ii) එසේ නම්, එම ක්‍රමවේද හා නිර්ණායක කවරේද;

(iii) නොඑසේ නම්, ඒ සඳහා ක්‍රමවේද හා නිර්ණායක නිර්දේශ කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම ක්‍රිකට් තරඟ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කිරීම නතර කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නේද;

  (ii) එසේ නම්, ඒවා කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-30

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks