01

E   |     |  

 දිනය: 2017-11-27   පිළිතුර ලබා දී ඇත 

0685/2017: Import of Eggs

685/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකාව තුළ ආහාරය සඳහා ගන්නා බිත්තර වර්ග මොනවාද;

            (ii)      එම බිත්තරවල වාර්ෂික අවශ්‍යතාවය වෙන් වෙන්ව දළ වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාව බිත්තර ආනයනය කරන්නේද;

(ii) එසේ නම්, එම බිත්තර වර්ග කවරේද;

(iii) 2016 වර්ෂය තුළ ආනයනය කළ බිත්තර ප්‍රමාණය, වෙන් වෙන් ‍වශයෙන් කොපමණද;

(iv) බිත්තර ආනයනය සඳහා 2016 වර්ෂයේදී වැය වූ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ශ්‍රී ලංකාව බිත්තර අපනයනය කරන්නේද;

(ii) එසේ නම්, එම බිත්තර වර්ග කවරේද;

(iii) 2016 වර්ෂය තුළ අපනයනය කළ බිත්තර ප්‍රමාණය වෙන් වෙන් ‍වශයෙන් කොපමණද;

(iv) 2016 වර්ෂයේදී බිත්තර අපනයනයෙන් ශ්‍රී ලංකාව ලද ආදායම කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-27

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks