01

E   |     |  

 දිනය: 2015-05-19   පිළිතුර ලබා දී ඇත 

5943/2015: ලේකම්වරුන්ගේ විශ්‍රාම වැටුප් : අංක 06/2011 දරණ චක්‍රලේඛය

5943/’15

 

ගරු සුසන්ත පුංචිනිලමේ  මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

  (අ)    විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 06/2011 චක්‍රලේඛය අනුව ජනාධිපති, අගමැති, කථානායක, කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක, නියෝජ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, ව්‍යාපෘති අමාත්‍ය, දිස්ත්‍රික් හා රාජ්‍ය අමාත්‍ය, කැබිනට් අමාත්‍යාංශ ලේකම්, පළාත් සභාවක ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යනාදී තනතුරුධාරීන්ගේ ලේකම්වරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එකී විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය හා මේ වන විට එකී විශ්‍රාම වැටුප සම්බන්ධව වලංගුව පවතින සියලු චක්‍රලේඛ හා උපදෙස්වල තොරතුරු ඇතුළත් ගොනුවක් ලබා දීමට කටයුතු කරන්නේද;

(ii) මේ වන විට ඉහත සඳහන් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගන්නා පිරිස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

 

 

අසන ලද දිනය

2015-05-19

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)        ඔව්.

(ආ)         (i)        ඔව්.

                         2011.05.13 දිනැති 1706 ගැසට් පත්‍රය හා 2011.07.04 දිනැති 06/2011 චක්‍රලේඛයේ පිටපත් අමුණා තිබෙනවා. ඇමුණුම් සභාගත* කරමි.

              (ii)        2014.01.01 දින සිට 2015.05.12 දින වන විට "ට" උපලේඛනය යටතේ නිලධාරි දහතුන් දෙනෙකු විශ්‍රාම ලබා ඇත.

(ඇ)      අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2015-05-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks