පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5579/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මේ වන විට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන ආයුර්වේද රෝහල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් රෝහල්වල නම් කවරේද;
(ii) එම රෝහල් පිහිටා ඇති ස්ථාන කවරේද;
(iii) 2013 වර්ෂය තුළදී ඉහත එක් එක් රෝහල වෙතින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බාහිර රෝගීන් සංඛ්‍යාව සහ නේවාසික රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-07
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් පාලනය වන ආයුර්වේද රෝහල් නොමැත. එහෙත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන රෝහල් සංඛ්‍යාව 08කි.
(ආ) (i) ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන රෝහල් පහතින් සඳහන් වේ.
I. බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල
II. මහරගම, නාවින්න පර්යේෂණ ආයුර්වේද රෝහල
III. යක්කල ආයුර්වේද ශික්ෂණ රෝහල
IV. කයිතඩි ආයුර්වේද ශික්ෂණ රෝහල
V. හම්බන්තොට, චමල් රාජපක්ෂ ආයුර්වේද ශික්ෂණ රෝහල
VI. මඩකලපුව, මංචන්තුඩුව ආයුර්වේද රෝහල
VII. ත්‍රිකුණාමලය, කෝනේෂ්පුරම් ආයුර්වේද රෝහල
VIII. අම්පාර ආයුර්වේද රෝහල
(ii)
|
|
රෝහලේ නම |
පිහිටි ස්ථානය |
|
1 |
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල |
බොරැල්ල, කොළඹ 08 |
|
2 |
මහරගම, නාවින්න පර්යේෂණ ආයුර්වේද රෝහල |
නාවින්න, මහරගම |
|
3 |
යක්කල ආයුර්වේද ශික්ෂණ රෝහල |
ගම්පහ |
|
4 |
කයිතඩි ආයුර්වේද ශික්ෂණ රෝහල |
යාපනය |
|
5 |
හම්බන්තොට, චමල් රාජපක්ෂ ආයුර්වේද ශික්ෂණ රෝහල |
සිරිබෝපුර |
|
6 |
මඩකලපුව, මංචන්තුඩුව ආයුර්වේද රෝහල |
මඩකලපුව |
|
7 |
ත්‍රිකුණාමලය, කෝනේෂ්පුරම් ආයුර්වේද රෝහල |
ත්‍රිකුණාමලය |
|
8 |
අම්පාර ආයුර්වේද රෝහල |
අම්පාර |
(iii)
|
|
රෝහලේ නම |
බාහිර රෝගී අංශය |
අභ්‍යන්තර රෝගී අංශය |
|
1 |
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල |
215652 |
1986 |
|
2 |
මහරගම, නාවින්න පර්යේෂණ ආයුර්වේද රෝහල |
104433 |
1197 |
|
3 |
යක්කල ආයුර්වේද ශික්ෂණ රෝහල |
54832 |
26510 |
|
4 |
කයිතඩි ආයුර්වේද ශික්ෂණ රෝහල |
3114 |
933 |
|
5 |
හම්බන්තොට, චමල් රාජපක්ෂ ආයුර්වේද ශික්ෂණ රෝහල |
12967 |
789 |
|
6 |
මඩකලපුව, මංචන්තුඩුව ආයුර්වේද රෝහල |
5927 |
- |
|
7 |
ත්‍රිකුණාමලය, කෝනේෂ්පුරම් ආයුර්වේද රෝහල |
28158 |
- |
|
8 |
අම්පාර ආයුර්වේද රෝහල |
30106 |
- |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-06-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks