01

E   |     |  

 දිනය: 2014-11-20   පිළිතුර ලබා දී ඇත 

5425/2014: Temporary Workers

5425/’14

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      රජයේ හා පෞද්ගලික ආයතනවලට සේවකයින් තාවකාලිකව බඳවා ගන්නා නීතිමය ප්‍රතිපත්ති රාමුව කවරේද;

             (ii)      ඔවුන් ස්ථිර කිරීමට පෙර කොපමණ කාලයක් තාවකාලික පදනම මත සේවය කළ යුතු වන්නේද;

(iii) තාවකාලිකව සේවය කරන කාලය තුළ ඔවුන්ට වැටුපට අමතරව වෙනත් ගෙවීමක් (මාසිකව හෝ රැකියා කාලය අවසන් වන විට) සිදු කිරීමට සේවාදායකයාට නෛතික බැඳීමක් තිබේද;

 

(iv) සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල ඔවුන් වෙත ලබා දෙන්නේද;

(v) නොඑසේ නම්, ඒ මන්ද?

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-20

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා කම්කරු සබදතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks