01

E   |     |  

 දිනය: 2015-01-23   පිළිතුර ලබා දී ඇත 

5422/2015: CT Scanner in Kurunegala Teaching Hospital

5422/’14

 

ගරු අජිත් කුමාර මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කුරුණෑගල මහ රෝහලේ සී. ටී. ස්කෑනර් යන්ත්‍රය සැලකිය යුතු කාලයක සිට අබලන් වී ඇති බවත්;

             (ii)       එම ස්කෑනර් යන්ත්‍රය අබලන් වීම හේතුවෙන් රෝහලට පැමිණෙන රෝගීන්ට එම සේවාව ලබා ගැනීම සඳහා පෞද්ගලික ආයතන කරා යෑමට සිදු‍වීමෙන් වි‍ශාල වියදමක් දැරීමට සිදුවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම සී. ටී. ස්කෑනර් යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට හෝ නව සී. ටී. ස්කෑනර් යන්ත්‍රයක් සවි කිරීමට මේ වන විට කිසියම් ක්‍රියා මාර්ගයක් ගෙන තිබේද;

(ii) ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද;

(iii) ඒ සඳහා අමාත්‍යාංශය දරන වියදම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-01-23

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks