පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5420/’14
ගරු අජිත් කුමාර මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොණරාගල දිස්ත්‍රික්කයේ, කුඹුක්කන් ඔය හරස් කර අක්කර 800ක ජලාශයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවත්;
(ii) එම ජලාශය ඉදිකිරීම හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් හා රබර් වගාවට දැවැන්ත බලපෑමක් සිදු වන බවත්;
(iii) එම නිසා එම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික ක්‍රියාවලිය ඇන හිටින බවත්;
(iv) ජලාශය ඉදිකිරීම නිසා ප්‍රදේශයේ දැවැන්ත වන හානියක් හා පරිසර හානියක් සිදුවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ජල යෝජනාක්‍රමයේ අපේක්ෂිත අරමුණු හා ඉලක්ක කවරේද;
(ii) එම ජලාශය ඉදිකිරීමෙන් ලඟා කර ගැනීමට අපේක්ෂිත සංවර්ධනය කවරේද;
(iii) මෙම යෝජනාක්‍රමය සඳහා වැය වන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-10
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ජලාශය ඉදි කිරීමට යෝජිත බවත්, ගණනය කර ඇති ප්‍රමාණය අක්කර 800ක් නොවන බවත් දන්වමි.
(ii) මෙතෙක් මැනීම් කටයුතු අවසන් නොමැත.
(iii) අදාළ නොවේ.
(iv) සියයට 50ක් මුඩු ඉඩම් වන බැවින්, එවැනි හානියක් සිදු නොවේ.
(ආ) (i) ප්‍රධාන අරමුණ-
මොණරාගල දිස්ත්‍රික්කයේ ගිනිකොණ ප්‍රදේශයට ජලය ලබා දීම.
ඒ යටතේ, පහත සඳහන් අරමුණු හා ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වේ.
* මොණරාගල, බඩල්කුඹුර, බුත්තල, මැදගම සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 24,150ක් සඳහා පානීය ජල පහසුකම් සැපයීම.
* වම් හා දකුණු ඉවුරු සංවර්ධනය යටතේ අලුතින් අක්කර 10,000ක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම.
* දැනට අස්වද්දා ඇති ගොවි බිම් අක්කර 3500ක ඉඩම් ප්‍රමාණය ද සමඟ මුළු අක්කර 13,500ක් සඳහා යල සහ මහ කන්නවල දියවර සැපයීම.
* මොණරාගල, බුත්තල හා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කුඩා වැව් සඳහා ජලය ලබා දීම.
* ජාතික විදුලිබල අවශ්‍යතාවය සඳහා වාර්ෂිකව 16 GW ක ජල විදුලි උත්පාදනයක් සිදු කිරීම.
* කෘෂි කර්මාන්ත කටයුතු, පශු සම්පත් සංවර්ධනය සහ ගොවිජන සේවා ශක්තිමත් කිරීම.
(ii) ඉහත (ආ) (i) මගින් පිළිතුරු ලබා දී ඇත.
(iii) ඇස්තමේන්තු කරමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-06-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks