01

E   |     |  

 දිනය: 2014-11-05   පිළිතුර ලබා දී ඇත 

5418/2014: Mahapola Fund

5418/’14

 

ගරු අජිත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සඳහා බලපාන ව්‍යවස්ථාපිත නීතිය කවරේද;

            (ii)       එම නීතිමය තත්ත්වය යටතේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නියාමන මණ්ඩලයේ සිටින සාමාජිකයින් කවුරුන්ද;

  (iii)  නීතිමය තත්ත්වය යටතේ අදාළ නියාමන මණ්ඩලය ‍කොපමණ කාලයකට වරක් රැස් වන්නේද;

  (iv)  පසුගිය වසර තුළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නියාමන මණ්ඩලය රැස් වී ඇති වාර ගණන කොපමණද;

  (v)  අදාළ රැස්වීම් වාර සඳහා ශිෂ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වයක් සිදු වී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ මුදල් පෞද්ගලික සමාගම්වල ආයෝජනය කර ඇත්නම්, එසේ කිරීමෙන් අපේක්ෂා කරන ප්‍රතිලාභය කවරේද;

  (ii)  එම ආයෝජන තුළින් යම් අලාභයක් සිදු වී ඇත්නම්, අදාළ අලාභය සඳහා වග කියනු ලබන අය කවුරුන්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-05

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks