01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

5415/2014: Public Toilets - Colombo District

5415/’14

 

ගරු අජිත් කුමාර මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ‍කොළඹ දිස්ත්‍රික්කය තුළ පුද්ගලයන් හෝ පුද්ගලික ආයතන හෝ රජය මගින් පවත්වාගෙන යන මහජන වැසිකිළි සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවා පිහිටි ස්ථාන කවරේද;

           යන්න පළාත් පාලන ආයතන මට්ටමින් එතුමා සභාගත කරන්නෙහිද?

(ආ) (i) මහජන වැසිකිළි පුද්ගලයන් හෝ පුද්ගලික ආයතන සඳහා ලබා දීමේ ක්‍රමවේදය කවරේද;

(ii) ඒවා බදු දීමෙන් වර්ෂ 2011 - 2013 දක්වා ලැබූ ආදායම කොපමණද;

(iii) මහජන වැසිකිළි භාවිතයේදී එක් වරකට අය කරන මුදල කොපමණද;

(iv) එම මුදල තීරණය  කිරීමේ නිර්ණායක කවරේද;

(v) නිර්ණායක සකස් කරන ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) මහජන වැසිකිළි නඩත්තු කරන ආයතනය සහ අදාළ වැය ශීර්ෂය කවරේද;

(ii) එම වැසිකිළිවලට සිදුවන අලාභහානි ඒවා ලබා ගෙන ඇති පාර්ශ්වයන්ගෙන් පියවා ගැනීමේ ක්‍රමවේදයක් තිබේද:

(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) මහජන වැසිකිළි පුද්ගලික සමාගම් වෙත පවරාදීමේ අරමුණ කවරේද;

(ii) රජය විසින් එම ස්ථාන පවත්වාගෙන යාමේ වගකීම නොදරන්නේ මන්ද;

(iii) රජය විසින් මහජන වැසිකිළි පවත්වාගෙන යාමේ හා නඩත්තු කිරීමේ ඉදිරි සැලසුමක් තිබේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-19

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks