01

E   |     |  

 දිනය: 2015-06-11   පිළිතුර ලබා දී ඇත 

5358/2015: මත්තල ගුවන් තොටුපොළේ තෙල් ගබඩා සංකීර්ණය: විවෘත කිරීමේ උත්සවය

----

අසන ලද දිනය

2015-06-11

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මත්තල ගුවන් තොටු පොළෙහි ගුවන් තෙල් සැපයුම් පද්ධතිය විවෘත කිරීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දරන ලද සමස්ත වියදම රුපියල් මිලියන 6.06කි. මාගම්පුර වරායේ උත්සව කටයුතු වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කිසිදු මුදලක් වැය කොට නොමැත.

              (ii)      ශබ්ද විකාශන උපකරණ පද්ධතිය සඳහා වැය කළ මුළු මුදල රුපියල් 3,82,704.00කි. ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණද මෙම පද්ධතියටම ඇතුළත් විය.

(iii) ජංගම වැසිකිළි පහසුකම් සැපයීම සඳහා වැය කළ මුළු මුදල රුපියල් 215,113.02කි.

(iv) භාවිත කළ ජංගම වැසිකිළි සඳහා ජලය සැපයීම වෙනුවෙන් අතිරේක මුදලක් ගෙවා නොමැත. ඒ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගුවන් තෙල් කාර්යාංශයෙන් ජලය ලබා ගෙන ඇත.

(v) සංග්‍රහ වෙනුවෙන් වැය කරන ලද මුදල රුපියල් 8,25,000.00කි.

(vi) ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණද ශබ්ද විකාශන පද්ධතියටම ඇතුළත්ව තිබූ හෙයින් අතිරේක මුදලක් වැය නොවීය.

(ආ) (i) සී/ස ඉමැජින් එන්ටර්ටේන්මන්ට් (පෞද්ගලික) සමාගම.

(ii) සී/ස ක්ලීන් ටෙක් (පෞද්ගලික) සමාගම, නො. 141, කිරුළ පාර, කොළඹ 05.

(iii) සීමාසහිත ශ්‍රී ලංකන් කේටරින්.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-06-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks