01

E   |     |  

 දිනය: 2014-11-24   පිළිතුර ලබා දී ඇත 

5349/2014: Small Hydro Electric Plants

5349/’14

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)          (i)       දිවයින තුළ පවත්වාගෙන යන කුඩා ජල විදුලි බලාගාර සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ජල විදුලි බලාගාර තිබෙන දිස්ත්‍රික්කය, ස්ථානය, ඊට සම්බන්ධිත ජල මාර්ගය හා ඒවා මගින් ජාතික විදුලිබල පද්ධතියට එක්වන විදුලි ධාරිතාව වෙන්  වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමිය සභාගත කරන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් කුඩා ජල විදුලි බලාගාර අතර රජය යටතේ  ක්‍රියාත්මක වන බලාගාර තිබේද;

(ii) එසේ නම්, ඒවා කවරේද;

(iii) පෞද්ගලික අංශයේ කුඩා විදුලි බලාගාර ආරම්භ කිරීම සඳහා අනුමතිය ලබා දීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත කවරේද;

(iv) එම බලාගාර ඉදිකිරීම නිසා පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව පසු විපරමක් සිදු කරන්නේද;

(v) එසේ නම්, එය සිදු කරන ආකාරය කවරේද;

යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-24

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks