01

E   |     |  

 දිනය: 2014-11-19   පිළිතුර ලබා දී ඇත 

5348/2014: Earthenware Industry

5348/’14

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කුඹල් කර්මාන්තයෙන් යැපෙන පිරිස් ජීවත් වන ගම්මාන කවරේද;

             (ii)      එම කර්මාන්තයෙන් යැපෙන පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) කුඹල් කර්මාන්තයේ යෙදෙන ජනතාව වෙසෙන ගම්මානවලින්ම කුඹල් කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි සපයා ගනු ලබන්නේද;

(ii) නොඑසේ නම්, එම කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි මිලදී ගනු ලබන්නේද;

(iii) මැටි ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොළ පිළිබඳ පවතින ගැටලු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) කුඹල් කර්මාන්තය, මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සහ අවශ්‍ය මැටි සපයා ගැනීම ආදිය සඳහා රජයෙන් ලබාදෙන සහාය කවරේද;

(ii) මැටි භාණ්ඩ භාවිතය පිළිබඳව ජනතාව තුළ උනන්දුවක් ඇති කිරීමට රජයේ වැඩපිළිවෙළක් තිබේද;

(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-19

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks