01

E   |     |  

 දිනය: 2014-11-15   පිළිතුර ලබා දී ඇත 

5262/2014: Kilinochchi Transport delays

5262/’14

 

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       කිලිනොච්චිය, අක්කරයාන්, ස්කන්ධපුරම්  සහ ආනෙයිවිලුන්දාන් යන ප්‍රදේශවල ජනතාව තම ගමනාගමන පහසුකම් සලසා ගැනීමේදී බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන බවත්;

(ii) ඔවුන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝ පෞද්ගලික අංශයේ බස් රථ බලාපොරොත්තුවෙන් පැය ගණන් මාර්ගයේ බලා සිටීමට සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, ඉහත සඳහන් ප්‍රදේශවල ජනතාවගේ ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-15

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks