01

E   |     |  

 දිනය: 2014-11-07   පිළිතුර ලබා දී ඇත 

5260/2014: Deltota Hospital Road

5260/’14

 

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දෙල්තොට  නගරයේ සිට දෙල්තොට රජයේ රෝහල, මලෙයිමගල් හින්දු මධ්‍ය මහා විද්‍යාලය හා දෙල්තොට මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය යන ස්ථාන සඳහා පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගය දිගු කලක සිට ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් අබලන්ව ඇති බවත්;

  (ii)  අබලන්ව ඇති මාර්ගය භාවිතා කරන ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද ?

(ආ) දෙල්තොට ප්‍රදේශවාසීන්ගේ සුබසිද්ධිය උදෙසා ඉහත මාර්ගය ඉතා ඉක්මණින් ප්‍රතිසංස්කරණය කර දීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)    නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-07

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks