01

E   |     |  

 දිනය: 2014-11-01   පිළිතුර ලබා දී ඇත 

5147/2014: University Students - Hostels

5147/’14

 

ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වන විට  ජාතික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන  සිසුන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පිරිස අතරින් නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇති සංඛ්‍යාව කොපමණද;

  (iii)  සෑම ස‍රසවි සිසුවෙකුටම නේවාසිකාගාර පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවට මහින්ද චින්තනයෙන් සහ වර්ෂ 2010 දී මහින්ද චින්තන ඉදිරි දැක්ම මගින් පොරොන්දුවක් ලබා දී ඇති බව දන්නේද;

  (iv)  එම පොරොන්දුව යථාර්තයක් බවට පත් කිරීම සඳහා වර්ෂ 2006 සිට  2013 දක්වා කාල සීමාව  තුළ දී  ගෙන ගිය වැඩපිළිවෙළ කවරේද;

  (v)  සෑම සරසවි සිසුවෙකුටම නේවාසිකාගාර පහසුකම් ලබා දීමේ අරමුණ වෙත ලඟාවීම සඳහා එම වැඩපිළිවෙළ ප්‍රමාණවත් වී නොමැති බව දන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  ඉහත අ(iii) හි සඳහන් පොරොන්දු පරිදි නේවාසිකාගාර නොලැබුණු සිසුන්ට එම පහසුකම් ලබා දෙන තෙක් අවම වශයෙන් රුපියල් දෙදහසක (රු. 2000/=) මාසික දීමනාවක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන්නේද  යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-01

අසන ලද්දේ

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks