01

E   |     |  

 දිනය: 2014-11-01   පිළිතුර ලබා දී ඇත 

5086/2014: Killinochchi- Murusumottei Village

5086/’14

 

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කිලිනොච්චිය, කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මුරසුමෝට්ටෙයි ග්‍රාම නිලධාරී වසමට අයත්, පලෙයකමම්, මුරසුමෝට්ටෙයි, සේට්ටෘක්කණ්ඩි - පළමුවැනි අදියර සහ අයියෙන්කෝවිලඩි යන ප්‍රදේශවල පවුල් 300ක් පමණ ජීවත් වන බවත්;

  (ii)  එම ජනතාව නැවත පදිංචි කර අවුරුදු 4ක් සම්පූර්ණ වී ඇතත්, මේ දක්වා එම ප්‍රදේශයේ කිසිදු සංවර්ධනයක් සිදු නොකර, නොසලකා හැර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  අයියෙන්කෝවිලඩි ගම්මානයට පිවිසෙන මාර්ගයේ ඇති දැව පාලම මේ වන විට අනතුරුදායක තත්ත්වයට පත්ව තිබෙන බැවින් එය ප්‍රතිසංස්කරණය කර දීමටත්;

  (ii)  මේ දක්වා විදුලි බලය ලබා දී නොමැති එම ගම්මානයට විදුලිය ලබා දීමටත්;

පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-01

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks