01

E   |     |  

 දිනය: 2014-10-31   පිළිතුර ලබා දී ඇත 

5085/2014: Nachchikuda Annai Velankanni Village - jetty

5085/’14

 

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කිලිනොච්චියේ, නාච්චිකුඩාහි, අන්නයි වෙලන්කන්නි ගම්මානයේ වෙසෙන පවුල් 147කට අයත්  පිරිස අතරින් පුද්ගලයන් 200ක් පමණ ධීවර කර්මාන්‍තයේ යෙදී සිටින බවත්;

  (ii)  එම ගම්මානයට ධීවර තොටුපළක් නොමැති බවත්;

  (iii)  ධීවර තොටුපළක් නොමැතිවීමෙන් එම ජනතාව බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  ඉහත ගම්මානයේ වෙසෙන ධීවර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කඩිනමින් ධීවර තොටුපළක් සකසා දීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-31

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks