01

E   |     |  

 දිනය: 2014-10-31   පිළිතුර ලබා දී ඇත 

5070/2014: New Intracity Train Service - Colombo

5070/’14

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       කොළඹ නගරයේ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි  දුම්රිය මාර්ග පද්ධතිය පුළුල් කර, නව දුම්රිය සේවාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එතුමා පිළිගන්නෙහිද?

(ආ)        (i)       මේ වන විට රජය විසින් හෝ රජයට සම්බන්ධ ආයතන විසින් ඊට අදාළ  සමීක්ෂණ හෝ පර්යේෂණ කර තිබේද;

  (ii)  එසේ නම්, එම සමීක්ෂණ හා පර්යේෂණවලින් ලබා දී ඇති නිර්දේශ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-31

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks