01

E   |     |  

 දිනය: 2014-10-23   පිළිතුර ලබා දී ඇත 

5034/2014: Mahaveli Water for Wayamba

5034/’14

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වයඹට මහවැලි ජලය හැරවීමේ වැඩ සටහන නමින් වැඩ සටහනක් ආරම්භ කර තිබේද;

            (ii)       එසේ නම්, එම වැඩ සටහනෙහි අරමුණු කවරේද;

  (iii)  මේ වන විට ඒ යටතේ ආරම්භ කර ඇති ප්‍රධාන ව්‍යාපෘති කවරේද;

  (iv)  එම වැඩ සටහන සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

  (v)  එම මූල්‍ය ප්‍රතිපාදන සපයා ගනු ලබන මූලාශ්‍ර කවරේද;

  (vi)  වයඹට මහවැලි ජලය හැරවීමේ වැඩසටහන සම්පූර්ණයෙන් නිම කිරීමට අපේක්ෂිත කාල සීමාව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-23

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks