01

E   |     |  

 දිනය: 2014-09-25   පිළිතුර ලබා දී ඇත 

4961/2014: Fishermen loss of rights due to Tourism - Kalpitiya

4961/’14

 

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය අර්ධද්වීපය ආසන්නයේ පිහිටා ඇති දූපත් 14 ක් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් යෙදවීමට කටයුතු කර ඇති බවත්;

  (ii)  සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගෙන ඇති එම දූපත් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ධීවර ජනතාව තම භූමියේ අයිතිය අහිමිවීමෙන් ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  සංචාරක ව්‍යාපාරයට දූපත් යෙදවීම නිසා තම ගම් බිම් අහිමි වන ධීවරයින්ගේ අයිතීන් රැකදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

  (ii)  සිය භූමිය අහිමි වන පාරම්පරික ධීවර ජනතාවට ප්‍රමාණවත් විසඳුම් ලබා දී තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  සංචාරක ව්‍යාපාරය සඳහා ඉහත සඳහන් දූපත් 14  ලබාදුන් ආයතන හෝ සමාගම්වල නම් කවරේද;

  (ii)  එම ආයතන හෝ සමාගම් වෙත එම දූපත් ලබා දුන් පදනම කවරේද;

   (iii)  ඉහත (i) හි සඳහන් සමාගම් වෙත එම එක් එක් දූපත ලබා දී ඇති මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-25

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks