01

E   |     |  

 දිනය: 2014-08-08   පිළිතුර ලබා දී ඇත 

4945/2014: Baduluwela Reserve - Monaragala

4945/’14

 

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මොණරාගල දිස්ත්‍රික්කයේ, මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,      එවකට ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලයට අයත්ව තිබූ “බදුලුවෙල රක්ෂිතයේ” වර්ෂ 50 - 60ක් පමණ පැරණි තේක්ක වගාවක් ඇති බවත්;

  (ii)  කිසියම් පුද්ගලයෙකු කූඨ ලිපි ලේඛන සකසා එම ඉඩම පෞද්ගලික සින්නක්කර ඉඩමක් ලෙස භුක්ති විඳින බවත්;

  (iii)  පුද්ගලයන් කිහිප දෙනෙකු රජයට අයත් එම තේක්ක වගාව විනාශ කරමින් සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  වර්ෂ ගණනාවක් ආරක්ෂිතව තිබූ බදුලුවෙල රක්ෂිතයේ තේක්ක වනය අනවසර පදිංචිකරුවන්ගෙන් රැක ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-08

අසන ලද්දේ

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී සම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks