01

E   |     |  

 දිනය: 2014-10-23   පිළිතුර ලබා දී ඇත 

4942/2014: Kitul Cultivation

4942/’14

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ කිතුල් වගාව ඉතා බහුලව පවතින ප්‍රදේශ කවරේද;

            (ii)       කිතුල් වගාවේ යෙදෙන හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මගින් ආදායම් ලබන සංඛ්‍යාව කොපමණද;

  (iii)  කිතුල් වගාවේ යෙදී සිටින අය එම වගාව යාය/වතු මට්ටමින් සිදු කරන්නේද;

  (iv)  කිතුල් වගාව වැඩි දියුණු කිරීම‍ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

  (v)  කිතුල් නිෂ්පාදන විදේශයන්හි ජනප්‍රිය කරවීමට කටයුතු කරන්නේද;

  (vi)  එසේ නම්, එම වැඩසටහන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කවරේද;

  (ii)  ඒවායේ  වාර්ෂික නිෂ්පාදනයන් පිළිබඳව ඇගයීමක් කර තිබේද;

  (iii)  එසේ නම්, එම ප්‍රමාණයන් කවරේද;

  (iv)  කිතුල් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්තයන්හි සේවයේ නියුතු රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව එක් එක් තනතුර අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ)  (i)  එම සේවකයින්ගේ වැටුප් හා වෙනත් දීමනා ගෙවීම වෙනුවෙන් රජය වාර්ෂිකව වැ‍ය කරන මුදල් ප්‍රමාණය කොපමණද;

  (ii)  කිතුල් නිෂ්පාදන කර්මාන්තයෙන් රජය ලබන ආදායම කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-23

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks