01

E   |     |  

 දිනය: 2014-07-23   පිළිතුර ලබා දී ඇත 

4913/2014: අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති මගී ආවරණ : වැය කළ මුදල

4913/’14

 

ගරු පී. හැරිසන් මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

 (අ)         (i)       උතුරු මැද පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍යාංශය හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති මගී ආවරණ සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් මගී ආවරණයක් සඳහා වැය කර ඇති මුදල කොපමණද; 

(iii) එම මගී ආවරණවලින් මේ වන විට ප්‍රයෝජනයට ගනු ලබන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් මගී ආවරණ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ලබාදීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය  අනුගමනය කර තිබේද;

(ii) නොඑසේ නම්, එම කොන්ත්‍රාත් ලබාදී ඇති පදනම කවරේද;

(iii) එම කොන්ත්‍රාත් ලබාදීමේදී කොන්ත්‍රාත්කරුගෙන් හෝ අදාළ සමාගම් වෙතින්  මුදල් ලබා ගෙන තිබේද?

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-23

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       135කි.

              (ii)       2008 වර්ෂයේ මිල ගණන් අනුව එක් මගී ආවරණයක් සඳහා වැය කළ මුදල රුපියල් 253,000කි. (දෙසිය පනස්තුන්දහසකි.)

                        (මෙම මිල ගණන් රජයේ වාර්ෂික මිල ගණන් සංශෝධනය අනුව වෙනස් වී ඇත.)

             (iii)      සියලුම මගී ආවරණ ප්‍රයෝජනයට ගනු ලැබේ.

(ආ)         (i)      ඔව්.

              (ii)      අදාළ නොවේ.

(iii) නැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks