01

E   |     |  

 දිනය: 2014-08-06   පිළිතුර ලබා දී ඇත 

4852/2014: Gaming Business Licenses 2013

4852/’14

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම පිණිස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2013 වර්ෂය සඳහා නිකුත් කර ඇති ලියාපදිංචි සහතික සංඛ්‍යාව කොපමණද;

  (ii)  එකී එක් එක් ලියාපදිංචි සහතිකය නිකුත් කරන ලද්දේ කවර පුද්ගලයින් වෙතද;

  (iii)  එකී එක් එක් ලියාපදිංචි සහතිකය නිකුත් කරන ලද නිවැරදි දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)    නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-06

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks