පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4851/’14
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2005 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා,
(i) “රුජිනෝ” නොවන ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරය සිදුකර ගෙන යාම සඳහා වර්ෂයකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත කී එක් එක් ලියාපදිංචි කිරීම් සිදුකර ඇත්තේ කවර සමාගම් හෝ පුද්ගලයන්ගේ නම් යටතේද;
(iii) එකී එක් එක් ලියාපදිංචි සමාගමෙහි අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;
(iv) රුජිනෝවලින් එක් එක් වර්ෂය තුළදී අය කර ගන්නා ලද මුළු අය බදු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නො එසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-11
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
සජීවී පහසුකම් සහිත මධ්‍යස්ථාන |
නියෝජිතයින් මඟින් ඔට්ටු ඇල්ලීම |
සජීවී පහසුකම් රහිත මධ්‍යස්ථාන |
|
2005 |
ලියාපදිංචි වී නැත |
ලියාපදිංචි වී නැත |
ලියාපදිංචි වී නැත |
|
2006 |
12 |
02 |
10 |
|
2007 |
05 |
- |
13 |
|
2008 |
09 |
01 |
51 |
|
2009 |
- |
01 |
45 |
|
2010 |
05 |
02 |
67 |
|
2011 |
09 |
- |
47 |
|
2012 |
10 |
- |
46 |
|
2013 |
01 |
- |
45 |
(ii) සමාගම් හෝ පුද්ගලයන් පිළිබඳව නිශ්චිත තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දීම 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 209 වගන්තියේ විධි විධාන මඟින් වළක්වා ඇත.
(iii) සමාගම් හෝ පුද්ගලයන් පිළිබඳව නිශ්චිත තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දීම 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 209 වගන්තියේ විධි විධාන මඟින් වළක්වා ඇත.
(iv) 2005 වර්ෂයේ සිට "රුජිනෝ, සූදු ව්‍යාපාරයේම කොටසක් ලෙස සලකනු ලබයි. එබැවින්, "රුජිනෝ" ලෙස විශේෂිතව බදු අය කිරීමක් සිදු නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks