01

E   |     |  

 දිනය: 2014-07-25   පිළිතුර ලබා දී ඇත 

4850/2014: Direct Poverty Line Report

4850/’14

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       මූලික අවශ්‍යතා සපුරා ගැනීමට එක් පුද්ගලයෙකුට මසකට දැරීමට සිදුවන අවම වියදම මත පදනම්ව, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සෑම මසකම දිස්ත්‍රික් දරිද්‍රතා රේඛාව ප්‍රසිද්ධ කරනු ලබන බව එතුමා දන්නෙහිද?

(ආ) (i) කොළඹ දිස්ත්‍රික්කය සඳහා පවතින නවතම නිල දරිද්‍රතා රේඛාව කවරේද;

(ii) ඉහත කී දරිද්‍රතා රේඛාව ගණනය කිරීමේදී පදනම් කරගනු ලබන “මූලික අවශ්‍යතා” කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-25

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks