පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4843/’14
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොණරාගල දිස්ත්‍රික්කයේ, බඩල්කුඹුර, මැදගම හා මොණරාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව ගලා බසින “කුඹුක්කන් ඔය” හරස් කර “නක්කල ජලාශය” නමින් වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේද;
(ii) එම වාරි ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කරනු ලබන ආයතනය කවරේද;
(iii) මෙම ජලාශය ඉදිකිරීම තුළින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) නක්කල ජලාශය ඉදිකිරීමේදී ඊට යටවන සමස්ත ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම ව්‍යාපෘතියට අදාළව රක්ෂිතය ලෙස වෙන් කරනු ලබන ප්‍රදේශයෙන් ඉවත් කරන පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) එම ව්‍යාපෘතිය වෙනුවෙන් පවරා ගනු ලබන සියලු ඉඩම් සඳහා ඒවායේ හිමිකරුවන්ට වන්දි ලබාදීමට ක්‍රියා කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-22
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කර ඇතත්, මහ ජනතාවගේ විරෝධය මත මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇත.
(ii) දේශීය අය වැය මඟින් මුදල් ලබා දීමට යෝජනා කර ඇත.
(iii) * දැනට වගා කරනු ලබන වගා බිම් අක්කර 3,000කට පමණ ද, අලුතින් වගා කරන ලද වගා බිම් අක්කර 10,000කට පමණද යල මහ දෙකන්නය සඳහා ජලය ලබා දීම
* වාර්ෂිකව බලශක්ති නිෂ්පාදනය ගි.වො. පැය 16
* මිරිදිය ධීවර කටයුතු
* සංචාරක කර්මාන්තය සඳහා යටිතල පහසුකම් ලැබීම
* මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, මැදගම, මොනරාගල, බුත්තල, මඩුගල්ල, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම (12 MCM වාර්ෂිකව)
* මීට සමගාමීව ප්‍රදේශයේ පාරිසරිකව ඇති වන යහ බලපෑම් (භූගත ජල මට්ටම ඉහළ යාම, ජලාශ ආශ්‍රිත පරිසර පද්ධතිය ගොඩනැඟීම)
* ඉහත කරුණු ඵල ගැන්වීමත් සමඟ ප්‍රදේශය තුළ ආර්ථික හා සමාජීය සංවර්ධනය
(ආ) (i) රක්ෂිතය සමඟ ජලාශයට වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 381 පමණ වේ.
(ii) ජලාශයට යටවන ප්‍රදේශයේ පදිංචිව සිටින පවුල් ගණන නිශ්චිතව ලබා ගැනීම සඳහා එම ප්‍රදේශයේ මිනුම් කටයුතු සිදු කළ යුතුව ඇත. (මිනුම් කටයුතු සිදු කිරීම තුළින් මෙම නිවාස හා දේපළ හඳුනා ගැනීම සිදු කිරීමට නියමිතව ඇති නමුත්, මිනුම් කටයුතු සිදු කිරීමට ගිය නිලධාරින්ට එම රාජකාරි කිරීමට ඉඩ නොදීම හේතුවෙන් නිශ්චිතව පවුල් ගණන පිළිබඳව තොරතුරු දැනට ලබා දිය නොහැක.) එසේ වුවද, චන්ද්‍රිකා ඡායාරූප මඟින් ලබා ගත් තොරතුරු අනුව හඳුනාගත් ගොඩනැඟිලි ගණන 203කි. නමුත් මේවා ස්ථීර හෝ තාවකාලිකව පදිංචි වී සිටින ස්ථාන ද යන්න හෝ තාවකාලික ගොඩනැඟිලි ද යන්න හඳුනා ගෙන නොමැත.
(iii) මෙවැනි ව්‍යාපෘති සඳහා ඉඩම් පවරා ගැනීමේදී රජය අනුගමනය කරනු ලබන ස්වේච්ඡාවෙන් නොවන අවතැන් වූවන් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ජාතික ප්‍රතිපත්ති ක්‍රමවේදයන් අනුගමනය කරමින් වන්දි ලබා දීමට කටයතු කරනු ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks