පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4839/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂය සඳහා වයඹ පළාත් සභාව විසින් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරනු ලැබූ මුදල කොපමණද;
(ii) එම මුදලින් රෝහල්වල සිදු කරන ලද සේවාවන් කවරේද;
(iii) එම වර්ෂය තුළ ප්‍රතිකාර ලබා ගත් එක් රෝගියෙක් සඳහා සමස්තයක් ලෙස වයඹ පළාත් සභාව වැය කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) 2012 වර්ෂයේදී වයඹ පළාතේ එක් එක් රෝහල වෙතින් ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-10
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රු. 4,147,759,200.00කි.
(ii) ඇමුණුම 01හි සඳහන් වේ.
(iii) රු. 804.20කි.
(ආ) කුරුණෑගල දිස්ත්‍රික්කය - ඇමුණුම 02හි සඳහන් වේ.
පුත්තලම දිස්ත්‍රික්කය - ඇමුණුම 03හි සඳහන් වේ.
(ඇ) පැන නොනඟී.
ඇමුණුම් සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2015-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks